Friday, July 04, 2025
Follow Us
යුද අපරාධ චෝදනාවලට එකඟතාවක්‌ නෑ….. ජිනීවා යෝජනාවලට රජයෙන් සංශෝධන

ශ්‍රී ලංකාවේ හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කර ඇති ජිනීවා යෝජනාවට සංශෝධන ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.

එහෙත් එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලට රජය කිසිදු එකඟත්වයක්‌ නොදක්‌වන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

මෙම යෝජනාව කිසිසේත් පිළිගන්නේ නැතැයි ජනපති ගෝඨාභය රාජපක්‌ෂ මහතා ද ප්‍රකාශ කර තිබිණි.

ජිනීවා යෝජනාව ගැන මානව හිමිකම් කවුන්සිලය 2021 මාර්තු මස සැසිවාරයේදී විමර්ශනය කරයි.

මෙම යෝජනාවට අදාළ කරුණු 20 න් 17 ක්‌ මේ වනවිට ඉටු කර තිබේ.

ඊට අදාළව ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කිරීම ගැන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ කෙටුම්පත් කිරීම වත්මන් රජය මගින් ප්‍රතික්‌ෂේප කර ඇත.

(Lanka Leads)