Wednesday, July 02, 2025
Follow Us
ජනතාව රවටන පිරිසට එරෙහිව දැඩි පියවර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සමීප සබඳතා පවතින බව අගවමින් ජනතාව මුලා කර අයුතු බලපෑම් කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපතිවරයාගේ උපදේශකවරයකු ලෙස පෙනී සිට මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයකුට බලපෑම් කළ පුද්ගලයකු පිළිබඳව මේ වන විට තොරුතුරු වාර්තා වී තිබෙන අතර ඔහු පිළිබඳ කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ අරඹා ඇත.

එවැනි වංචනික පුද්ගලයන් පිළිබඳ තොරතුරු ඇතොත් වහාම පොලීසියට දැනුම් දෙන ලෙස ද ජනාධිපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

(Dinamina)