Tuesday, January 13, 2026
Follow Us
සහල් ඒකාධිකාරිය බිඳින්න ආණ්ඩුවෙන් සැලැස්මක්

සහල් මිල පාලනය කිරීම සඳහා මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතු සහල් තොග මිලදී ගෙන වෙළඳපොලට නිකුත් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක පැවසුවේ සහල් මිල පාලනය කිරීමේ කෙටි කාලීන පියවරක් ලෙස මෙය කි‍්‍රයාත්මක කිරීමට දැනටමත් සාකච්ඡා වී ඇති බවයි.

ගොවි සංවිධානවලට ගබඩා පහසුකම් ලබාදීම මගින් සහල් සහ එළවළු මිල ඉහළ යාම පාලනය කළ හැකි බව ද කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක වැඩිදුරටත් ප්‍රකාශ කළා.

(Neth)