මෙවර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල හෙට (27) දිනයේ නිකුත් කිරීමට හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරනවා.
එහි ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ මේ වනවිට ප‍්‍රතිඵල පරිගණක ගත කර ඇති බවයි. කමිටු 3 ක් විසින් එම ප‍්‍රතිඵල නැවත පරීක්‍ෂා කිරීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙන අතර එයද අවසන් අදියරේ පවතින බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මෙලෙස ප‍්‍රතිඵල නැවත පරීක්‍ෂා කිරීම සිදු කරන්නේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කෙරුණු මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් සහ විභාග දෙපාර්තමේන්තුවේ කමිටු දෙකක් විසින්.
මෙවර උසස් පෙළ විභාගය ඉකුත් අගෝස්තු මස 5 වැනිදා සිට 31 වැනිදා දක්වා මධ්‍යස්ථාන 2,678 කදී පැවැත්වුණා. ඊට පෙනී සිිටි අයදුම්කරුවන් ගණන තුන් ලක්ෂ 37,704 දෙනෙක්.
(Neth)