පාසල් පෙළ පොත්වල දෝෂ සහිත බවට මාධ්‍ය මගින් පළ කළ වාර්තා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වා කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.
පහ ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොතෙන් ඉතිහාසය වෙනස් කර ඇත්නම් කඩිනමින් නිවැරදි කිරීමටද පියවර ගන්නා බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේය.
පාසල් පෙළ පොත්වල දෝෂ සහිත බව ජාතික උරුමයන් සුරැකීමේ මහ සම්මේලනය පෙරේදා (24දා) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසුමට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම, ගුරුවරු මාරු කිරීම් වැනි සම්ප්‍රදායික සේවා පමණක් අධ්‍යාපන අමාත්‍යවරයකු විසින් සිදුකරන බව ජනතාවගේ මතය යැයි අමාත්‍යවරයා සඳහන් කරයි. නමුත් අධ්‍යාපන අමාත්‍යවරයකුට ඊට වඩා වගකීමක් ඇති බව මෙවැනි සිදුවීම් තුළින් තමාට පෙනී ගිය බව ඔහු අවධාරණය කර සිටියේය.
(Lanka Leads)