Wednesday, July 02, 2025
Follow Us
මහ මැතිවරණයට අලුත් ඡන්ද ලක්ෂ 4 ක්

2019 වසරේ ඡන්ද හිමි නාමලේඛනය ලබන පෙබරවාරි 25 ට පෙර නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මහ මැතිවරණයට අදාළව එම පියවර ගැනීමට නියමිතය.

එම ලේඛන සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර, නව ඡන්ද හිමි නාමලේඛනයට අලුත් ඡන්ද දායකයින් ලක්ෂ 4 ක් පමණ එකතු වන බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.

මාර්තු මස 3 වනදා වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විටත් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, මැතිවරණ කොමිසම මහ මැතිවරණයට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කරමින් ඇත.

(Lanka Leads)