Thursday, July 03, 2025
Follow Us
රජයේ රැකියා ලක්ෂය කොන්දේසි 02ක් යටතේ

රජයේ රැකියා ලක්ෂය ලබාදීමේදී ප‍්‍රධාන කොන්දේසි 02 ක් සලකා බලන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ, කොළඹ අද (23) පැවැති මාධ්‍ය හමුවකදීයි.

එහිදී "අඩු ආදායම් ලාභී සමෘද්ධි පවුල්වලින් තෝරා ගන්නා අයට තමයි රැකියා ලක්ෂය ලබා දෙන්නේ. පළමු කොන්දේසිය රැකියා ලාභියා සමෘද්ධි පවුලක සමෘද්ධි ප්‍රතිලාභ දැනට ලබන්නෙකු විය යුතුයි. දෙවැනි එක ඔහු අපොස සාමාන්‍ය පෙළට වඩා පහළ මට්ටමක අධ්‍යාපනයක් ලබලා තියෙන අයෙක් විය යුතුයි. මේ ආකාරයේ වැඩ කරන්න කැමැත්තෙන් ඉන්න වැඩ කළ හැකි වයසේ අයෙක් තමයි රාජ්‍ය සේවයට බඳව ගන්නේ. බඳවගත් අයට සමෘද්ධිය නතර වෙනවා. ඔහුට මසකට රුපියල් 25000ක 30000ක ආදායම් ඉහළ යෑමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. " යනුවෙන් සඳහන් කෙරුණා.

(Neth)