Thursday, July 03, 2025
Follow Us
SPC - SPMC නව සභාපතිවරු පත් කරයි

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සඳහා නව සභාපතිවරුන් පත්කර තිබෙනවා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ ප්‍රසන්න ගුණසේන මහතාය. ඔහු ස්නායු පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකි.

ශ්‍රී ලංකාවෙහි ප්‍රථම වරට සර්විකල් ඩිස්ක් ප්‍රොලැප්ස් කොඳුනාරටිය සම්බන්ධ සැත්කම සහ කොඳුනාරටිය බිඳීම සම්බන්ධ බැලූන් කිfපෝප්‍ලාස්ටි සැත්කම කරන ලද්දේ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාය. ඔහු ශ්‍රී ලංකා ස්නායු වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමයේ ආරම්භක සාමාජිකයෙකි.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ උත්පල ඉන්ද්‍රවංශ මහතාය. ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විකලාංග ඒකකයේ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරයි. ඉන්ද්‍රවංශ මහතා 2008 වසරේදී මෙරට හොඳම වෛද්‍යවරුන් 05 දෙනාගෙන් එක් අයෙකු ලෙස සම්මානයට පාත්‍ර විය.

මෙම වෛද්‍යවරුන් දෙදෙනාම වියත් මග සංවිධානයේ විධායක කමිටුව නියෝජනය කරයි.

(LNW)