Thursday, July 03, 2025
Follow Us
විදෙස් පාර්ශව සමඟ සෘජු එකඟතාවලට තිත!

විදේශීය පාර්ශව සමඟ සෘජු එකඟතා සහ අවබෝධතා ගිවිසුම්වලට එළඹීමෙන් වලකින ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය සියලු රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ.

සියලුම අමාත්‍යාංශ,පූර්ණ හා අර්ධ රාජ්‍ය ආයතන,දෙපාර්තමේන්තු, පළාත් සභා වෙත මෙම දැනුම් දීම සිදුකර ඇත.

ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව එම චක්‍ර ලේඛය නිකුත් කර ඇති බව සඳහන්.

විදෙස් පාර්ශවයක් සමඟ ගිවිසුමකට හෝ අවබෝධතාවකට පැමිණෙන්නට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශය,මුදල් අමාත්‍යාංශය,නීතිපති දෙපාර්තමේන්තුව සහ මහ බැංකුවේ අනුමැතිය ලබාගත යුතු බවයි නියම කර ඇත.

ආයෝජන සම්බන්ධ යෝජනා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට හා මූල්‍ය යෝජනා මහා භාණ්ඩාගාරයට දැනුම්විය යුතු වෙයි.

මෙවැනි තීරණයකට එළඹ ඇත්තේ නිසි ක්‍රමවේදයකින් තොරව විදෙස් පාර්ශව සමඟ ඇතිකරගන්නා එකඟතාවලින් මතුව දුෂ්කරතා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව බව සඳහන්.

(LNW)