Tuesday, January 13, 2026
Follow Us
"සහෝදර භාෂාව නොදැන සිටීම ලැජ්ජාවක්"

සහෝදර භාෂාවන් එකිනෙකා නිසිලෙස නොදැන සිටීම ලැජ්ජාවට කරුණක් බවත්, එම තත්ත්වය රටේ අධ්‍යාපන ක‍්‍රමය තුළින් වහා වෙනස් කර ගතයුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

සමස්ත ලංකා දෙවන ජාතික භාෂා තරගාවලියේ ජය සංකේත ප‍්‍රදානෝත්සවය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

එහිදී "මේ රටේ භාවිතා කරන්න තියෙන්නේ භාෂා දෙකයි. හැබැයි අපි බහුතරය අපේ සහෝදර භාෂාව ගැන දන්නේ නෑ. ශ්‍රී ලාංකීය ජාතිය විදිහටයි අපි නැගිටින්න ඕනේ." යනුවෙන් සඳහන් කළා.

(Neth)