Thursday, July 03, 2025
Follow Us
සෞභාග්‍යයේ දැක්මේ ජනතා ප්‍රතිලාභ

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්ව ගතවූ මසක කාලයක් තුලදී එළැඹි තීන්දු තීරණ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. " සෞභාග්‍යයේ දැක්ම" නමින් හඳුන්වනු ලබන එම තීන්දු තීරණ හේතුවෙන් ජනතාවගේ දැඩි ප්‍රසාධයක් හිමිවී තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

රුපියල් 300ක් නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබාගෙන ඇති ණය මුදල් ආපසු අය කිරීම අත්හිටුවීම, මාර්ග තදබදයට විකල්පයක් ලෙස කිලෝමීටර් ලක්ෂයක අන්තර් විකල්ප මාර්ගයක් සකස් කිරීමට කෙටුම්පත් සැකසීම, රටට එරෙහිව ක්‍රියාත්මක වන දස දහසකට අධික රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීම ආදී කරුණු රාශියක් මෙහි අන්තර්ගතව තිබෙනවා.

ඊට අමතරව අධ්‍යාපන කේෂ්ත්‍රය නගා සිටුවීම සහ පාසල් දරු දරුවන්ගේ උසස් අධ්‍යාපනය සඳහා ගනු ලැබූ තීන්දු තීරණ හා තරුණ තරුණියන්ගේ රැකි රක්ෂා ගැටලුව විසදීමට ගෙන තිබෙන ක්‍රියා මාර්ගද මින් ප්‍රමුඛස්ථානයක් ගනු ලබනවා.

එමෙන්ම රාජ්‍ය ආයතනවල පවත්වනු ලබන අනවශ්‍ය උත්සව නතර කිරිම, රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ වැටුප් සංශෝධනය, ලක්ෂ 20ක වැටුප් හිමි ටෙලිකොම් සභාපතිවරයාගේ වැටුප ලක්ෂ 2.5ක් දක්වා අඩු කිරීම ආදී ක්‍රියා මාර්ග සහ රාජ්‍ය ආයතන සඳහා සේවකයින් බඳවා ගැනීමේ දී සියලුම දිස්ත්‍රික් සමව ආවරණය වන පරිදි සුදුස්සන් තෝරා පත්වීම් ලබාදීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් මේ වන විට ජනතා ප්‍රසාධය හිමිව ඇත.

(Neth)