Thursday, July 03, 2025
Follow Us
ජිනීවා සම්මත කළ යෝජනාව පිළිගන්න බෑ.. එය අප රටට හානිදායකයි..- ජනපති විදෙම් මාධ්‍ය කැදවා කියයි..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව පිළි ගැනීමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එම යෝජනාව ශ්‍රී ලංකාවට අනර්ථකාරී බැවින් එය පිළිගැනීමට රජයට නොහැකි බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජනාධිපති කාර්යාලගයේදී විදේශීය මාධ්‍යවේදීන් සමග පැවති හමුවක් අමතමිනි.

මෙම මාධ්‍ය හමුව සඳහා ලෝකයේ ප්‍රධාන පෙළේ විදේශීය මාධ්‍ය ආයතන වල මෙරට නියෝජිත එක්ව සිටියහ.

මේ අතර වාර්තා වන්නේ එළැඹෙන මාර්තු මාසයේදී පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනා ඉදිරිපත් වන්නේ නම් ඒවා කල් දමන ලෙස එම කොමිසමෙන් ඉල්ලා සිටීමට රජය සූදානමින් සිටින බවයි.

එම මාසයේදී ශ්‍රී ලංකාවේ රට පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවන නිසා එම ඉල්ලීම ඉදිරිපත් කිරීමට යන්නේ යැයි වාර්තා වෙයි.

මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව සුවිශාල මෙහෙවරක් ඉටු කළ අතර රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් රණවිරුවන්ගේ විත්තිවාවිකය නම්වූ වාර්තාාව සම්පාදනයකොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ වර්තමාන විදේශ අමාත්‍යවරයාටද පිළිගන්වා ඇත.

එම වාර්තාව මගින්ද ඔවුන් පෙන්වා දෙන්නේ ජිනීවාහිදී සම්මත කළ 30/1 යෝජනාව රටට හානිදායක මෙන්ම පිළි ගත නොහැකි යෝජනාවක් බවය.

(Lanka leads)