Thursday, June 05, 2025
Follow Us
රාජ්‍ය ආයතන ප්‍රධානී අයදුම්පත් 60,000ක්!

රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පත්කළ කමිටුවට අයදුම්පත් 60,0000ක් පමණ ලැබී ඇති බව වාර්තා වෙයි.

පසුගිය 18 වැනිදායින් එම අයදුම්පත්භාර ගැනීම අවසන් විය.

වාර්තා වන පරිදි ඒ අනුව ලැබී ඇති අයදුම්පත් සමාලෝචනය කර එළඹෙන ජනවාරි මස සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමටයි තීරණය වී ඇත්තේ.

රජය ආයතන ප්‍රධානීන් පත්කිරීමේදී විනිවිදභාවයක් සහිතව එම කටයුතු කිරීම සඳහා මෙලෙස කමිටුවක් හරාහ සුදුස්සන් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කරන ලදී.

කෙසේවෙතත් මේ සඳහා මැති ඇමතිවරු පූර්ණ කැමැත්තක් දක්වා නොමැති අතර ඔවුන්ට අවශ්‍ය පුද්ගලයින් ආයතන වෙත නම් කිරීමට නොහැකි වීම නිසා යම් කනස්සල්ලකින් පසුවන බවද සඳහන්.

මේ සම්බන්ධයෙන් ඔවුන් තැන් තැන් වල සිය විරෝධය දැක්වුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සෘජුව මේ ගැන පැමිණිලි කර නැති බවද වාර්තා විය.

ජනාධිපතිවරයා විසින් පත්කළ එම කමිටුවේ සාමජිකයන් වන්නේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා මහතා, ජෝන් කීල්ස් සමූහයේ හිටපු සභාපති සුසන්ත රත්නායක මහතා සහ මාස් හෝල්ඩිංග්ස් සමූහයේ හිටපු සභාපත් ඩයන් ගෝමස් මහතාය.

(LNW)