ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත.ඊයේ ඔහු මහ බැංකුවේ සියලු කාර්ය මණ්ඩල සාමාජිකයින් අමතා ස්තූතිය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය ජනාධිපතිවරණයට පෙර ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ඔහු අමාත්‍යාංශය වෙත ඉල්ලීම් කර තිබුණි. 2016 වසරේ ජුලි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ 14 වැනි අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වැඩ භාරගත්තේය.2017 වසරේදී දකුණු ආසියානු මහ බැංකු අධිපතිවරයා සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබීම විශේෂත්වයකි.
(Lanka Leads)