Friday, July 04, 2025
Follow Us
අයවැයක් නෑ… අතුරු සම්මත ගිණුම්ක්

ලබන වසර සඳහා වන අයවැය මහා මැතිවරණයෙන් පසුව පවත්වන නව පාර්ලිමේන්තුව යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.

ලබන වසරේ මාර්තු මස 31 වැනිදා දක්වා කාලය තුළ රජයේ වියදම් දැරීමට පසුගිය ආණ්ඩුව අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් අතර ඉන් පසුව පැවැත්වෙන මහ මැතිවරණය දක්වා කාලය තුළ මුදල් වියදම් කිරීමට හැකිවන සේ තවත් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බව දැනගන්නට තිබේ.

ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමෙන් පසු පාර්ලිමේන්තුවේ සභා වාරය අවසන් කරනු ඇති බවත් නව සැසිවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බවත් පැවසේ.

පාර්ලිමේන්තුව ලබන මාර්තු මස පළවෙනිදායින්පසුව විසුරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකියාව ලැබෙන අතර ඒ අනුව මහා මැතිවරණය ලබන වසරේ අප්‍රේල් අග හෝ මැයි මස මුලදී පැවත්වීමැත්වීමට නියමිතය.

ඒ අනුව ලබන වසර සඳහා වන අය වැය ලේඛනය ලබන වසරේ මැයි මාසයෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ආරංචිමාර්ග සදහන් කරයි.

(Lanka Leads)