පසුගිය රජයේ ව්‍යාපෘතිවලට අදාළව විශාල මුදලක් ගෙවීමට ඇති හෙයින් නව රජය ඉතා දුෂ්කර තත්වයක පසුවන බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
"අපි දන්නවා අපි බොහොම දුෂ්කර තත්වයක ඉන්නෙ. මට දැන් අපෙ අග්‍රාමාත්‍යතුමාගෙ ලේකම් ප්‍රියත් බන්දු මහතා කිව්වා විශාල මුදලක් ගෙවීමට ඉතුරුවී තිබෙනවා, පිටට ගෙවන්න ඕනෙ මුදල්.
පහුගිය කාලෙ ආණ්ඩුව කිසිම ගෙවීමක් කළේ නෑ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, ගම්පෙරළිය කිය කියා විවිධාකාර ලෙස වියදම් කළා මේ ගෙවන්න විශාල මුදලක් හිරවී තිබෙද්දි.
මෙවැනි ප්‍රශ්න තිබෙනවා, ඒවා ගැන කටයුතු කරන්න ලේකම් මහත්වරුන් සමඟ අපි යම් පිළිවෙතක් හොයාගැනීමට කටයුතු කළ යුතුයි." යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) සිය අමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කරමිනි.
(LNW)