Tuesday, February 10, 2026
Follow Us
මගේ බලාපොරොත්තු ඉතාමත් ඉහළයි – ජනපති ඉන්දීය මාධ්‍ය අමතමින් කියයි

තමාගේ බලාපොරොත්තු ඉතාමත් ඉහළ බවත් ඉන්දියාව සමග ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

ඉන්දියාවේ හයිද්‍රාබාද් මන්දිරිය ඉදිරිපිටදී මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

ඉන්දීය සංචාරයට එක්ව සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ පිළිගැනීම වෙනුවෙන් හයිද්‍රාබාද් මන්දිරයේ පැවැති හමුදා උත්තමාචාරයෙන් පසු මාධ්‍ය වෙත කෙටි අදහස් දැක්වීමක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඉන්දියාව සමග පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරන බව සඳහන් කළ ජනපතිවරයා දෙරටේම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන අයුරින් එකට වැඩ කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

(Lanka Leads)