Tuesday, February 10, 2026
Follow Us
තොරතුරු තාක්ෂණ බදුත් අහෝසියි - බන්දුල

තොරතුරු තාක්ෂණ හා සම්බන්ධ සියලු ම බදු වර්ග දෙසැම්බර් 01 දින සිට මුළුමනින් ම අහෝසි කර තිබෙන බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

තොරතුරු තාක්ෂණයට සම්බන්ධ සියලු අනුසාංගික වන සියලුම ඉපයිම,දේශීය හා විදේශිය කිසිම බද්දකට යටත් නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කරයි.

එයට හේතුව එම අංශය ඉතා වේගයෙන් සංවර්ධනය කළ යුතු බැවිණි. ආදායම් බදු,වැට් බදු,ජාතිය ගොඩනැඟිමේ බද්ද ආදි සියලුම බදු වර්ගවලින් මෙය නිදහස් බවද හෙතෙම කියා සිටියි.

මෙම සහනය සමඟ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය විශාල පිබිදීමක් ඇති වීම බලාපොරොත්තු වන අතර තොරතුරු තාක්ෂණ නිෂ්පාදනයන් විදේශයන්ට අලෙවි කරන අයට මෙය මහතා පිටුවහලක් වනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

(LNW)