Tuesday, February 10, 2026
Follow Us
රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම 27දාට කල්යයි

නව ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම ලබන බදාදාට (27) කල්ගොස් ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

රාජ්‍ය ඇමැතිවරුන් 20දෙනෙකු පමණ පත්කෙරෙනු ඇති බවත්, එහෙත් ඔවුන් මෙතෙක් තෝරාගෙන අවසන් නොමැති බවත් වාර්තා වේ.

ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්ද යාපා අබේවර්ධන, කාංචන විජේසේකර, සනත් නිශාන්ත, කනක හේරත්, රොෂාන් රණසිංහ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මන්ත්‍රීවරුන්ද රාජ්‍ය ඇමැතිවරුන් ලෙස පත්වීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද රාජ්‍ය ඇමැති ධුර කිහිපයක් හිමිවීමට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග කියයි.

රාජ්‍ය ඇමැතිවරුන් හෙට (25) දිනයේ දිවුරුම් දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සිකුරාදා පැවැති කැබිනට් ඇමැතිවරුන් දිවුරුම් දීමේ උත්සවයේදී පැවැසීය.

(Lanka Leads)