සංස්ථා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීම පෙර සිදු වූ අයුරින් නොව ස්වාධීන කමිටුවක් හරහා සුදුස්සා පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ඒ අනුව සුදුසුකම් සහිත තැනැත්තන් පිළිබඳව එම කමිටුවට දැනුම් දිය හැකි බවයි රාජපක්ෂ මහතා පැවසුවේ.
ඒ අනුව මේ වන විට එම කමිටුව නම් කර ඇති බවයි අප වෙත වාර්ථා වූයේ. ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස්,ජෝන් කීල්ස් හිටපු සභාපති සුසන්ත රත්නායක,ප්‍රසන්න ගුණසිංහ යන වියත්මඟට සම්බන්ධ මෙම තිදෙනා එම කමිටුවට පත්කර ඇති බව සඳහන්.
මෙම කමිටුවට ලලිත් වීරතුංග සහ නාලක ගොඩහේවා යන දෙපළගේ නම් යෝජනා වී ඇති නමුත් ඔවුන්ට එරෙහිව චෝදනා පවතින හෙයින් ඔවුන් දෙදෙනා පසෙකින් තැබීමට තීරණය වී ඇති බවද වාර්තාවිය.
මෙම තීන්දු තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් අප්‍රසාදයෙන් පසුවන බවද වාර්තා විය. පෙරමුණක් ලෙස තීන්දු තීරණ ගැනීම වෙනුවට දැන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය පරිදි සිදුවන බවට යම් කනස්සල්ලකින් පසුවන බව කියැවුණි.
පක්ෂ අභ්‍යන්තරයේ එවැනි තත්ත්වයක් නිර්මාණය වෙමින් පැවතියද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තීන්දු තීරණවලට ජනතා ප්‍රසාදය ලැබෙමින් පවතින බවටද පොහොට්ටුව අභ්‍යන්තරයේ සංවාදයට ලක්ව තිබේ.
(LNW)