Tuesday, February 10, 2026
Follow Us
අනවශ්‍ය ආනයන තහනම්: බදුත් බස්සයි.. ජනපති දුන් පළමු මැතිවරණ පොරොන්දුව ඉටු කරයි

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී ලබාදුන් ප්‍රථම මැතිවරණ පොරොන්දුව ඉටුකරමින් අනවශ්‍ය භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ විශේෂ ගැසට් නිවේදනය සති අන්තයේ නිකුත් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරට ගොවි ජනතාව පීඩාවට පත් කරමින් ගම්මිරිස්, ඉඟුරු, කහ, සියඹලා ආදී ආහාර ද්‍රව්‍යයත් හඳුන්කූරු වැනි වෙළෙඳ භාණ්ඩත් ආනයනය තහනම් කිරීමේ ගැසට් පත්‍රයට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබී තිබේ.

එම ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසුව පොදු ජනතාවට සහන මිලට භාණ්ඩ වර්ග 10ක් ලබාදීමට අදාළ ගැසට් නිවේදනයද වැට් බද්ද අඩු කිරීම, ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසි කිරීම, උපයනවිට ගෙවීමේ බද්ද අහෝසි කිරීම හා ආදායම් බදු අඩු කිරීමට අදාළ ගැසට් නිවේදන කඩිනමින් නිකුත් කෙරේ.

මෙම ගැසට් නිවේදන නිකුත් කිරීමට පෙර ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒවා අනුමත කරගැනීම සිදුකරනු ඇත.

Deshaya