Thursday, July 09, 2026
Follow Us
අගමැති මහින්ද දළදා සමිදුන් වැද පුදා ගනියි

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවට පැමිණ ශ‍්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගත්තා.

නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා දළදා මාලිගාව වෙත පැමිණි පළමු අවස්ථාව මෙයයි.

එහිදී දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල ප‍්‍රමුඛ නිලමේවරුන් විසින් අග‍්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

(Neth)