Saturday, July 05, 2025
Follow Us
ජනාධිපති මාධ්‍ය ප‍්‍රධානී තනතුර මොහාන් සමරනායකට..

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා යටතේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පත් කරනු ඇති බවට වාර්තා පළ වේ.

නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂකවරුන් ලෙස චමින්ද කරුණාරත්න, මොහාන් කරුණාරත්න, විදර්ශන බණ්ඩාර යන මහත්වරුන් පත් කිරීමටද නියමිත බවත් ඒ අනුව ඉදිරියේදී ජනාධිපතිතුමන්ගේ සියලු මාධ්‍ය කටයුතු මෙම පිරිස විසින් සිදු කිරීමට නියමිත බවත් එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව ප්‍රවීන මාධ්‍යෙව්දී මොහාන් සමරනායක මහතාගෙන් අප කළ විමසීමකදී පවසා සිටියේ එවැන්නක් මේ මොහොත වන විට තහවුරු කළ නොහැකි බවය‍.

(Lanka Leads)