Saturday, July 05, 2025
Follow Us
නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි…අලුත් ඇමතිවරු මෙන්න..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු අද පත් කර තිබේ.

මීළඟ මහා මැතිවරණයතෙක් භාරකාර ආණ්ඩුවක් පවත්වා ගැනීම සදහා මෙම ඇමති මණ්ඩලය පත් කර ඇත.

හැකි ඉක්මනින් මහ මැතිවරණයත් තෙක් රට මෙහෙයවීම භාරකාර කැබිනට් මණ්ඩලය පත් කිරීමේ අරමුණ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබිණි.

අද දිවුරුම් දෙන ලද ඇමති මණ්ඩලය මෙසේය.

01. මහින්ද රාජපක්ෂ – මුදල්, ආර්ථික කටයුතු සහ ප්‍රතිපත්ති සම්පාදක, බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජලසම්පාදන, නිවාස පහසුකම්
02. නිමල් සිරිපාල ද සිල්වා – අධිකරණ, මානව හිමිකම් නීති ප්‍රතිසංස්කරණ
03.ආරුමුගම් කොණ්ඩමන් – ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන
04. දිනේෂ් ගුණවර්ධන – විදේශ සම්බන්ධතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා, කම්කරු සබඳතා
05. ඩග්ලස් දේවානන්ද – ධීවර සහ ජලජ සම්පත්
06. පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, කාන්තා හා ළමා කටයුතු සමාජ ආරක්‍ෂණ
07. බන්දුල ගුණවර්ධන – උසස් අධ්‍යාපන නවෝත්පාදන හා තාක්‍ෂණ, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ
08. ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පලාත් සභා හා පලාත් පාලන
09. චමල් රාජපක්‍ෂ – මහවැලි කෘෂිකර්ම වාර්මාර්ග ග‍්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙලද ආහාර සුරක්‍ෂිතතාවය හා පාරිභෝගික සුබසාදන
10. ඩලස් අලහප්පෙරුම – අධ්‍යාපන ක‍්‍රීඩා හා තරුණ කටයුතු
11. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු – මාර්ග හා මහාමාර්ග, වරාය හා නාවුක කටයුතු
12. විමල් වීරවංශ – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධණ, කර්මාන්ත හා සැපයුම් කලමණාකාරණ
13. මහින්ද අමරවීර – මගී ප‍්‍රවාහන කලමණාකාරන, විදුලි බල හා බලශක්ති
14.එස්.එම්. චන්ද‍්‍රසේන – පරිසර හා වනජීවී, ඉඩම් හා ඉඩම් සංවර්ධන
15.ප‍්‍රසන්න රණතුංග – කාර්මික අපනයන හා ආයෝජන ප‍්‍රවර්ධන

(Lanka Leads)