Saturday, July 05, 2025
Follow Us
ඇමතිවරුන් දිවුරුම් දී දෙපැයක් තුළ වැඩ ඇරඹිය යුතුයි - ජනපතිගෙන් නියෝගයක් !

අද දිනයේ හෝ හෙට දිනයේ දිවුරුම් දීමට නියමිත නව කැබිනෙට්ටුවේ සියලුම අමාත්‍යවරුන් එසේ දිවුරුම් දීමෙන් දෙපැයක් තුළ තම තමන්ගේ අමාත්‍යාංශ කරා ගොස් ඒවායේ වැඩ ආරම්භ කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නියම කර තිබේ.

සාමාන්‍යයෙන් මෙතෙක් සිදුවූයේ ඇමතිවරුන් ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ඔවුන් තම තමන්ගේ දෛවඥයින් විසින් සකස් කරදෙන නැකැත්වලට අනුව පසුදා හෝ ඊටත් පසුදා අමාත්‍යාශ වෙත ගොස් වැඩ භාරගැනීමය. ඒ වෙනුවෙන් විශාල පිළිගැනීමේ උත්සව සංවිධානය කිරීමත් සිදුවිය.

එහෙත් මෙවර එය වෙනස් කරමින් සිය "කාර්යක්ෂම රාජ්‍ය සේවයක්" බිහිකිරීමේ ප්‍රතිපත්තිය අනුව දිවුරුම් දෙන අමාත්‍යවරුන් වහාම තම තමන්ගේ අමාත්‍යාංශ කරා ගොස් ඒවායෙහි වැඩ බාරගත යුතු බව ගෝඨාභය රාජපක්ෂ මහතා තරයේ අවධාරණය කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

(LNW)