Saturday, July 05, 2025
Follow Us
අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ භාරකාර ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීමට නියමිත අතර අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ගාමීණි සෙනරත් මහතා පත්කිරීමට යෝජනා කර තිබේ.

භාරකාර ආණ්ඩුවේ කිසිදු තනතුරක් ලබා නොගැනීමට ගාමීණි සෙනරත් මහතා තින්දුවක සිට ඇති නමුත් ඔහුගෙන් කරන ලද බලවත් ඉල්ලීම නිසා ඊට එකඟ වී සිටින බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයද සෙනරත් මහතාට මෙම තනතුර භාරගන්නා ලෙස පවසා ඇති අතර ඊට සුදුස්සා වන්නේද ඔහු බව ඔවුන්ද පෙන්වාදී ඇති බව සඳහන්.

පරිපාලන සේවයේ ඉහළ සුදුසුකම් ලබා සිටින සෙනරත් මහතා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර හෙතෙම මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම සහ විශ්වාසවන්තම නිලධාරියෙකි.

යහපාලන ආණ්ඩුව විසින් ඔහුට එල්ල කළ චෝදනාවන්ගෙන් ද ගාමිණී සෙනරත් මහතා මේ වන විට නිදොස් කොට නිදහස් කර තිබෙන හෙයින් ඔහුට එරෙහිව දුෂණ චෝදනා අක්‍රමිකතා ඇති බවට වන චෝදනාවද එල්ල කළ නොහැකිය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ භාරකාර ආණ්ඩුවේ අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩලය අද දිවුරුම් දීමේ සූදානමින් පසුවෙයි.

(LNW)