Saturday, July 05, 2025
Follow Us
ජනපති ගෝඨාභය පළමුවරට දළදා මැඳුරට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගැනීම සඳහා මහනුවර වෙත පැමිණ තිබේ.

ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා අද(20) පළමුවරට මහනුවර ප්‍රදේශයේ සංචාරය කිරීම මෙය වෙයි.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව අවට මේ වන විට විශාල ජනතාවක් රැස්ව සිටින බවයි.

ජනාධිපතිවරයා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමට නියමිතයි.

ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැණික්හින්න, හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙණේ දී රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානාහිමි බැහැදැකීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයා අද පස්වරුවේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි බැහැ දැකීමට ද නියමිතයි.

(Lanka Leads)