Friday, July 04, 2025
Follow Us
ඡන්දය ප්‍රකාශ කිරීමේදී 1 ඉලක්කම හෝ x සළකුණ යොදන්න

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 1 ඉලක්කම හෝ x සළකුණ හෝ සටහන් කරන්නැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඡන්ද පත්‍රිකාවක 1 සහ x යන දෙකම සලකුණු කර තිබුණහොත් එම ඡන්ද පත්‍රිකාව අවලංගු කරන බවද ඔහු කීය.

කිසියම් ඡන්ද දායකයෙකුට මනාප සළකුණු කිරීමට අවශ්‍යනම් අංක 1 යොදා ඡන්දය ප්‍රකාශ කළ හැකි අතර 2 සහ 3 යොදා මනාප සළකුණු කළ හැකි බවද මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

X සළකුණ සහ ඉලක්කම් වර්ග දෙකම සළකුණු කර ඇති ඡන්ද පත්‍රිකා අවලංගු බවද ඔහු කියයි.

(Lanka Leads)