Saturday, May 04, 2024
Follow Us
"අපිව දැනුවත් කරන්න..නැතිනම් වටලලා අල්ලන්න පුළුවන්" - මහින්ද දේශප්‍රිය

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ලබාදී තිබූ කාලය ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. ඒ අනුව දැන් ආරම්භ වී තිබෙන්නේ ජනාධිපතිවරණයේ නිහඬ කාලයයි.

මෙම නිහඬ කාලය තුළ ජනාධිපතිවරණය වෙනුවෙන් ඍජුව හෝ වක්‍රව තවදුරටත් ප්‍රචාරක කටයුතු සිදු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරනවා.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ "හැබැයි අපි රැස්වීම් තියන්න බෑ කිව්වට.. දැන් ඉන්නවා නේ ඡන්ද පොළ නියෝජිතයෝ..ගණන් කිරීමේ නියෝජිතයෝ.. ඒගොල්ලන්ට මේ අපේක්ෂකයෝ උගන්වනවා නේ...කොහොමද ඡන්ද පොළේ මොනවද බලන්නේ කියලා.. ඒවා තියන්න පුළුවන් දොරවල් වහ ගත්ත ශාලාවල. හැබැයි ඒවා වුණත් අපිට දන්වන්න. නැතිනම් අපේ අය වටටලා අල්ලන්න පුළුවන්.. මොකද අද ඉඳලා අපේ අයටත් ටිකක් වැඩ අඩු නිසා." යනුවෙනි.

කිසියම් අපේක්ෂකයෙකුට වාසි හෝ අවාසි වන පරිදි වක්‍රව සිදු කෙරෙන ප්‍රචාරක කටයුතු ද වළක්වාලීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

ආගමික හෝ ක්‍රීඩා කටයුතු මුවාවෙන් සිදු කෙරෙන අපේක්ෂක ප්‍රවර්ධන ක්‍රියාකාරකම් ද වළක්වාලන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

(Neth)