Saturday, May 04, 2024
Follow Us
පුළුවන් නම් පන්සලක රැස්වීමක් තියල පෙන්වන්න - දිනුවත් අන්සීට් කරනවා ! - මැකෝගෙන් අපේක්ෂකයන්ට තගක්

මැතිවරණ ප්‍රචාරණ කාලය තුළ පන්සල් හෝ ඕනෑම පූජ්‍ය ස්ථානයක ඡන්ද රැස්වීම් පවත්වා හසුවුවහොත් එම අපේක්ෂකයා ජයග්‍රහණය කළත් එම ජයග්‍රහණය අහෝසි කිරීමට බලතල තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි.

මැතිවරණ කොමිෂන් සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව පවසා තිබෙන්නේ පසුගිය දිනෙක සිවිල් හා මාධ්‍ය සංවිධාන කිහිපයක නියෝජිතයන් පිරිසක් හමුවූ අවස්ථාවේදී ය.

එහිදී ඉතිහාසය තුළ මෙම වරද හේතුවෙන් unseat කළ (ජයග්‍රහණය අහිමි වූ) දේශපාලකයන් ද සිටින බව මැකෝ මෙහිදී සඳහන් කළේය.

‘‘මම මේ ටීවී චැනල් එකක් අහු වෙනකල් ඉන්නෙ මේක කියන්න. මේක අපේක්ෂකයො තිස් ගාණටම මම දෙන අභියෝගයක්. පුළුවන් නම් කරල පෙන්නන්න.. මම අන්සීට් කරනවා..“ යැයි ද ඔහු එහිදී පවසා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා මෙයට දින පහකට පෙර එක්තරා පුද්ගලික රූපවාහිනී නාලිකාවක පැය එකහමාරක සජීවී සංවාදකට සහභාගි වුවද, එහිදී ඔහු මේ අභියෝගය ඉදිරිපත් නොකළ බව ද අපි නිරීක්ෂණය කළෙමු.

(LNW)