Saturday, May 04, 2024
Follow Us
ජනාධිපති මෛත්‍රී අවසන් වරට ජාතිය ඇමතීමට සුදානම්

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන ලබන 16 වැනිදා පස්වරු 06 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසම දැනුවත් කර තිබෙන බවය.

ලබන 17 වැනිදා හෝ 18 වැනිදා නව ජනාධිපතිවරයා දිවුරුම් දීමට නියමිතය.

ඒ අනුව ජනාධිපතිවරයා අවසන් වරට ජාතිය අමතන්නේ සිය තනතුරේ සිටින අවසන් පැය කිහිපය තුළදී වීම විශේෂත්වයකි.

(Lanka Leads)