Saturday, May 04, 2024
Follow Us
ඉල් පුර පොහෝදා සුව ඇමැතිගෙන් මාධ්‍යවේදීන්ට මත්පැන් සාදයක්

සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න අමද්‍යප වීරයෙකි. ඔහු දිවයිනේ මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්වැටි නිවාරණයට මහත් සේ කැප කිරීම් කරන අමාත්‍යවරයෙකි.

ඉකුත් 12 දින ඉල් පසළොස්වක පොහෝය දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණයක අසල තරු පන්තියේ හෝටලයකට මාධ්‍යවේදීන් සඳහා වූ රැස්වීමකට රාජිත අමාත්‍යවරයා සහභාගිවන්නේ එහි ප්‍රධාන ආරාධිතයකු ලෙසය.

දිවයිනේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය රැසක මාධ්‍ය‍වේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ද විශාල පිරිසක් සහභාගි වූයේ මෙවර ජනපතිවරණයේ අපේක්ෂකයකු විසින් සංවිධානය කළ ‘මතු පරපුර උදෙසා උදාර දේශයේ ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍යවේදී වෘත්තිකයන්ගේ ජාතික එකමුතුව’ නමැති සම්මන්ත්‍රණයටයි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි ඇතුළු විශාල පිරිසක් මෙවර මාධ්‍ය සත්කාරයට එක්ව සිටියහ.

සම්මන්ත්‍රණය අවසානයේද සංවිධායකයනට ඉල් පොහොය අමතක විය. සුරාබදු ආඥා පනතේ අණ පනත් නොතකා පැමිණ සිටි මාධ්‍යවේදීන්ට සිත් සේ මත්පැන් සංග්‍රහයක් කළ අතර ඉන්පසු දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනැමූහ.

Aruna