Friday, May 17, 2024
Follow Us
ජනපතිගේ අවසන් සප්‍රයිස් එක 16 හවස 06 ට !

ලබන 16 වැනිදා හෙවත් ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දින පස්වරු 06 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසම දැනුවත් කර තිබෙන බවයි.

රටම බලා සිටින්නේ ලබන සිකුරාදා (15) ජනාධිපතිවරයා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරනු ඇති බවටයි. ඊට හේතුව වන්නේ ජනාධිපතිවරයාගේ වසර පහකට ආසන්න කාලය තුළ විමතිය දනවන බොහෝ සිදුවීම් සිදුවූයේ සහ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළේ සිකුරාදා දිනවලදී නිසාය.

ලබන 17 වැනිදා හෝ 18 වැනිදා නව ජනාධිපතිවරයා දිවුරුම් දීමට නියමිත අතර ඒ අනුව ජනාධිපතිවරයා අවසන් වරට ජාතිය අමතන්නේ සිය තනතුරේ සිටින අවසන් පැය කිහිපය තුළදීය. එමනිසා ජනාධිපතිවරයා සිය ජාතිය අමතා සිදු කරන අවසන් කතාවේදී අවධානය යොමු කරන්නේ කුමන කරුණු සම්බන්ධයෙන්දැයි රටම අවධානයෙන් බලා සිටී.

(LNW)