Monday, March 23, 2026
Follow Us
ජනපති, ඇමති කාර්ය මණ්ඩල ස්ථිර කිරීමට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිලි

ජනාධිපතිවරයාගේ සහ අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවලට ස්ථිර පත්වීම් ලබාදීමට එරෙහිව පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (11) ලිඛිතව පැමිණිල්ලක් කර තිබෙනවා. මේ, ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දක්වන පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි.

ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය මණ්ඩලවල පෞද්ගලික කාර්ය මණ්ඩල සදහා පත්වීම් ලබාදෙන්නේ බොහෝ විට දේශපාලන ලැදියාවන් අනුව බව පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාව වෙත යැවූ ලිපියේ දැක්වෙනවා. ඒ අනුව එවැනි පත්වීම් ස්ථිර කිරීම සාධාචාරාත්මකද නොවන බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

- NethNews -