Thursday, February 05, 2026
Follow Us
තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන 12 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

මේවනවිට මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති තාවකාලික හැඳුනුම්පත් හෙට (11) දිනයේ සිට ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

ඡන්දය ප‍්‍රකාශ කිරීමට අනන්‍යතාවය ඔප්පු කළ හැකි කුමන හෝ වලංගු හැඳුනුම්පතක් නොමැති නම් ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරීවරයා හමුවී මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන තාවකාලික හැඳුනම්පත ලබාගත හැකි බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(Neth)