Thursday, February 05, 2026
Follow Us
මිලේනියම් ගිවිසුම විභාගයට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ආයතනය සමග ගිවිසුම් අත්සන් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ජනපති, අගමැති නීතිපති ඇතුළු රජයේ බලධාරීන්ට නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම් විභාග කිරීම සඳහා පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඊයේ (8 වැනිදා) නම් කෙරිණි.

බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය, මූර්දු ප්‍රනාන්දු, එස්. කුරෙයිරාජා හ ගාමිණී අමසේකර විනිසුරු මඬුල්ලට ඇතුළත් වෙති.

පෙත්සම් විභාගය මෙම 13 වැනිදා පැවැත්වේ.

එම ගිවිසුම්වලට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය ඇතුළු වෛද්‍යවරු තිදෙනෙක් සහ බෙංගමුවේ නාලක අනුනායක හිමි ඇතුළු තවත් තිදෙනෙක් එක්ව පෙත්සම් 02ක් ගොනු කර ඇත.

අනෙක් පෙත්සම්කරු නීතිඥ හර්ෂණ වේරදුවගේය.

විභාගය සඳහා පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කරනු ලැබුවේ පෙත්සම්වලින් කර තිබූ ඉල්ලීමකට අනුවය.

(Aruna)