ලබන සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඡන්දය සලකුණු කරන ඡන්දදායකයා අතින් අත්වැරැද්දක් සිදු වුවහොත් එය නිවැරදි කිරීම සඳහා ඔහුට හෝ ඇයට තවත් ඡන්ද පත්‍රකාවක් නිකුත් කිරීම සඳහා ඡන්ද පොලේ සිටින නිළධාරීන්ට කිසිදු බලයක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඒ නිසා ඡන්දය සලකුණු කිරීම මනා අවබෝධයකින් යුතුව සිදුකළ යුතු බවත්, වැරදුනහොත් එය නිවැරදි කර ගැනීම සඳහා දෙවැනි අවස්ථාවක් නොමැති බවත් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය අවම ඡන්ද ප්‍රමාණය වන 50% ප්‍රතිශතය ඉක්මවීමට කිසිදු අපේක්ෂකයෙකුට හැකියාව නොලැබෙන තත්වයක් මතුව ඇති අතර ඒ නිසා දෙවැනි හා තෙවැනි මනාපයට ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වරට වැඩි වටිනාකමක් හිමිව තිබේ. මෙහි ඇති බරපතල කරුණ වන්නේ මනාප සලකුණු කිරීමට යාම හේතුවෙන් සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් අවලංගු වීමේ තත්වයක්ද මතුව තිබීමයි.
ඡන්ද පත්‍රිකාව ලබාගත් පසු තමන් ඡන්දය ලබාදීම සඳහා අපේක්ෂා කරන අපේක්ෂකයාගේ නම සහ ඔහුගේ ඡන්ද සලකුණ නිශ්චිතව හඳුනා ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටී. ඉන් අනතුරුව කතිරය හෝ අංක 1 යෙදීමෙන් ඡන්දය භාවිතා කළ හැකි බවයි දේශප්‍රිය මහතා පවසන්නේ. යම් ඡන්දදායකයෙක් මනාප සලකුණු කිරීමට බලාපෙරොත්තු වන්නේ නම් ඒ සඳහා කිසිසේත් කතිරය භාවිතා කළ නොහැකි අතර පළමු අපේක්ෂකයාට අංක 1 ලෙසත් දෙවැනි අපේක්ෂකයාට අංක 2 ලෙසත් තෙවැනි අපේක්ෂකයාටද මනාප ලබා දෙන්නේ නම් අංක 3 ලෙසත් සටහන් කළ යුතුය.
මනාප සලකුණු කිරීමේදී ඡන්දය ලබාදිය හැකි උපරිම අපේක්ෂකයන් ප්‍රමාණය තුන් දෙනෙකි.
යම් ඡන්දදායකයෙක් පළමු අපේක්ෂකයාට කතිරය සලකුණු කර දෙවැනි අපේක්ෂකයාට අංක 2 සලකුණු කර තිබුණහොත් එම ඡන්ද පත්‍රිකාව අවලංගු වන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කර කියා සිටී. ඒ නිසා කතිරය භාවිතා කළ හැක්කේ මනාප නොදෙන්නේ නම් පමණි.
(LNW)