Friday, July 04, 2025
Follow Us
ලබන 11 වෙනිදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්ථාවර නියෝග යටතේ සිදුකළ ඉල්ලීමකට අනුව විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් ලබන නොවැම්බර් මස 11 වෙනිදා පෙරවරු 11.30ට පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව තීරණය කර ඇත.

අද (07) කථානායක ගරු කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබද පැවැත්වුණු කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත එදින විවාදයට ගැනීමට නියමිතව ඇති අතර නවෝත්පාදන නියෝජිත ආයතනය පිහිටුවීම පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා එදිනට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

(Lanka Leads)