Thursday, May 02, 2024
Follow Us
නොමිලේ පොහොර දෙන්න යෝජනා කරන අය වකුගඩුත් නොමිලේ දෙනවාද ?

රසායනික පොහොර නොමිලේ ලබාදීම නොව සිදුකළ යුත්තේ රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වී ඒ වෙනුවෙට කාබනික පොහොර භාවිතය සඳහා ගොවීන්ට පහසුකම් සැලසීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා, නොමිලේ රසායනික පොහොර ලබාදීම සඳහා සිදුකළ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අඹන නව නගරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ වනවිට ලොව බොහෝ රටවල් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය වර්ධනය කරමින් තිබියදී රටේ අනාගත නායකයන් තව තවත් වැඩියෙන් රසායනික පොහොර ලබාදෙන බවට සිදුකරන පොරොන්දු අනුමත කළ නොහැකි බවයි ජනාධිපතිවරයා පවසන්නේ. කාබනික පොහොර භාවිතය සඳහා ගොවීන් හුරු කිරීම සහ ඒ සඳහා පහසුකම් සැලසීම සඳහා එම ජනාධිපති අපේක්ෂකයන්ට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බව ද ජනාධිපතිවරයා පවසනවා.

නොමිලේ ලබාදීම සඳහා ‍රසායනික පොහොර පිටරටින් ආනයනය කරන්නේ නම් ඒ සමගම වකුගඩුද පිටරටින් ආනයනය කිරීමට සිදුවන බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.

(LNW)