පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩි වගකීම රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතාට පැවරෙන බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සිය වාර්තාවෙන් අවධාරණය කර තිබේ. (23) දින පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
මෙම ප්‍රහාරයට අදාළ බුද්ධි තොරතුරු රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂ වෙත 2019 අප්‍රේල් 04 වැනි දින ප්‍රථමයෙන් ලැබී තිබුණත් අදාළ බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ වෙත එය ලබා දීමේදී ඔහුගේ පාර්ශවයෙන් ප්‍රමාදයක් සිදුව ඇති බව කාරක සභාවට නිරීක්ෂණය වී ඇත.
එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂකවරයා අමතා 2019 අප්‍රේල් 09 වැනි දින පැවති බුද්ධි තොරතුරු සම්බන්ධීකරන රැස්වීමේදී ඒ පිළිබඳ දැනුවත් කරන ලෙස පවසා තිබුණද රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂකවරයා බුද්ධි තොරතුරු මත ක්‍රියා කිරීමට ඒ පිළිබඳව ලිඛිතව දැනුවත් කිරීම් කරන බව පවසා ඇති අතර එය එලෙස සිදුකිරීමට අසමත්ව ඇති බවයි කාරක සභා වාර්තාවේ දැක්වෙන්නේ.
බුද්ධි අංශය තුළ වැදගත් තැනක් ගන්නා බුද්ධි තොරතුරු සම්බන්ධීකරණ රැස්වීමේ සහ ජාතික ආරක්ෂක මණ්ඩලයේ මූලික තැනක් ගන්නා රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂකගේ පාර්ශවයෙන් සිදු වූ බරපතල අසමත්කමක් ලෙස කාරක සභාව දක්වා තිබේ.
"එසේම කාත්තන්කුඩි හි 2019 අප්‍රේල් 16 වැනි දින සිදු වූ පිපිරීමට පසුව ලද බුද්ධි තොරතුරු මත කටයුතු කිරීමේදී රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාගේ අසර්තකත්වයද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානයට ලක්විය. රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියාට වැඩි වගකීම පැවරෙන බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අදහසයි. මෙය තවදුරටත් තීව්‍ර වන්නේ රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ විසින් 2018 අප්‍රේල් 08 වැනි දින සිට මෙම සිදුවීම් සිදුවීමට පූර්ණ වසරකට පෙර අනෙකුත් පාර්ශව විසින් සහරාන් සමබන්ධයෙන් කරන ලද පරීක්ෂණ නවත්වන ලෙසට පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටීමත් එහි ප්‍රතිපලයක් වශයෙන් සහරාන් සම්බන්ධ පරීක්ෂණ කළ එකම පරීක්ෂකයා රාජ්‍ය බුද්ධි අංශය බවට පත්වීමත් නිසාය."
එමෙන්ම ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලද බුද්ධි තොරතුරු අනුව අදාළ රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය වෙත අනතුරු ඇඟවීමට තිබූ අවස්ථා ගණනාවක්ම රජය බුද්ධි අංශයට මඟහැරී තිබෙන බවද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට නිරීක්ෂණය වී තිබේ.
එලෙස මඟ හැරීම සිදුව ඇත්තේ ඒ වන විටත් සහරාන් සහ ඔහුගේ සාහයකයන් පිළිබඳව ලැබී තිබුණු බුද්ධි තොරතුරු, සහරාන් පිළිබඳ පොලිස් වාර්තා සහ 2017 මාර්තු දින නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීම සඳහා වන වරෙන්තු ද නිකුත් කර තිබූ පරිසරයක වීම විශේෂිතය.
ඒ අනුව සමස්ත විමර්ශනයෙන් පසු වහා අවධානයට ලක්විය යුතු නිර්දේශ කිහිපයක් ද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව දක්වා තිබේ.
ආරක්ෂක හා බුද්ධි අංශයේ අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ,ශක්තිමත් මූල්‍ය අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම,ආගමික අන්තවාදයේ නැගීම පාලනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාවය, අධිකරණ ප්‍රමාද සම්බන්ධයෙන් කටයුතුකිරිම: නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රතිසංස්කරණය කිරීම, වහබ්වාදය සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය,මාධ්‍ය වාර්තාකරණය - ව්‍යාජ පුවත් සහ අවධානය යොමු කළ යුතු අනෙකුත් ක්ෂේත්‍ර, දේශපාලඥයන්/ නියෝජිතයින් වගවීමට සැලැස්වීම සහ නැගී එන අන්තවාදය මැඩලීම පිණිස අධ්‍යාපන අංශයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීම එම නිර්දේශයන්ය.
(LNW)