මෙරට ලියාපදිංචි වී ඇති කලින්කලට අලුත් කළ යුතු නැති රිය බලපත්‍ර ලක්ෂ 20ක් අතරින් බර වාහන පැදවිය හැකි බලපත්‍ර ලක්ෂ 11ක් අවලංගු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
2009 වසරට පෙර නිකුත් කර ඇති මෙම රියැදුරු බලපත් කල් ඉකුත් නොවීමත්, ඒවා ලබාගත් රියැදුරන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු වීම අනිවාර්ය නොවීමත් අනතුරු රැසකටම හේතු වී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවැසීය.
2009 වසරට පෙර නිකුත් කර ඇති NDL අක්ෂර සහිත කාඩ්පත්/රිය බලපත් පොත් දහ අට ලක්ෂ පනස් හතර දහස් විසි හතක් නිකුත් කර ඇත. ඒවා සැහැල්ලු සහ බර කාණ්ඩ වශයෙන් වෙන් වෙන්ව ලබා දී ඇති නමුත් නිශ්චිත කාලයකට වලංගු කර නැත.
එසේම 2009 වසරෙන් පසු A අක්ෂරය සහිත රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සිදුව ඇති අතර එලෙස නිකුත් කර ඇති මුළු බලපත්‍ර සංඛ්‍යාව විසි නව ලක්ෂ පනස් අටදහස් නවසිය විසිපහකි. නමුත් ඒ අතරිනුත් කොටසක් අලුත් කළ යුතු නැති බලපත්‍ර ලෙස පවතී.
පසුකාලීනව සුහුරු රිය බලපත්‍ර මුද්‍රණය කිරීමට පටන් ගත් අතර මේ වන විට රියැදුරු බලපත්‍ර එක්කෝටි විසි අට ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කර තිබේ.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක් රදැල්ල- සමර්සෙට් කෙටි මාර්ගයේදී මාරක රිය අනතුරු දෙකක් සිදුකරමින් ප්‍රපාතයට ඇදී ගොස් තිබිණි. එම අනතුරින් වෑන් රථයක සහ ත්‍රිරෝද රථයක ගමන් ගත් හය දෙනකු මියගොස් පාසල් සිසුන් ඇතුළු පනහකට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (කාර්මික) සුජීව තෙන්නකෝන්ගේ මෙහෙයවීම මත මෝටර් රථ පරීක්ෂකවරුන් නව දෙනකුගෙන් යුත් විමර්ශනයක් සිදු කළ අතර එහිදී බස් රථයේ රියැදුරු වයස අවුරුදු 65ක් වන විවිධ රෝගවලින් පෙළෙන පැරැණි රිය බලපතක් ඇති අයකු බව හෙළි විය.
මෙවන් අනතුරු රැසක්ම පැරැණි රිය බලපත් යාවත්කාලීන නොවීම නිසා වාර්තා වීම සැලකිල්ලට ගෙන එම බලපත්වලින් බර වාහන බලපත් ඇති සියලු දෙනාගේ බලපත් යාවත්කාලීන කිරීමට නිර්දේශ කර ඇත.
Aruna