Saturday, May 10, 2025
Follow Us
නාමයෝජනා දිනයට පෙර සියලු පෝස්ටර් - කටවුට් ඉවත් කරන්න - මැකොස

ජනාධිපතිවරණයට අදාලව ඔක්තෝබර් 07 වැනිදා නාමයෝජනා භාර ගැනීමට නියමිත බවත්, ඊට පෙර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමට බලාපොරොත්තුවෙන් සිටින අපේක්ෂකයන්ගේ ප්‍රවර්ධනය සඳහා ප්‍රදර්ශනය කර ඇති පෝස්ටර්, කටවුට්, තොරණ ආදිය ස්වෙච්ඡාවෙන්ම ඉවත් කර ගන්නා ලෙස ජාතික මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටී.

එසේ නොමැති වුවහොත් නාමයෝජනා භාර ගැනීමෙන් පසුව පොලීසිය යොදවා ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ.

ඊයේ දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිසමේ නිළධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්විණි. ඒ සඳහා මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් පිරිසක් ද සහභාගි වී තිබේ. මෙහිදී ඡන්ද කාර්යාල පිහිටුවීම, පෝස්ටර්-කටවුට් ඇතුළු නීතිවිරෝධී ප්‍රචාරක කටයුතු පාලනය කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

(LNW)