Wednesday, May 08, 2024
Follow Us
ජනාධිපතිවරණය අවලංගු කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

මෙම රීට් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසිනි.

පෙත්සම මඟින් සඳහන් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනවාරි 08 වනදා ජනතා ඡන්දයෙන් තේරී පත්වූයේ වසර හයක් සඳහා බැවින් මේ මොහොතේ මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණයක් කැඳවීම නිතිවිරෝධී බවයි.

ඒ අනුව මැතිවරණ කොමිසමේ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙසත් පෙත්සම විභාගයට ගන්නා තෙක් නාමයෝජනා භාරගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ඉල්ලීම් කර ඇත.

මෙත්සිරි ද සිල්වා යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල ආසන සංවිධායකවරයා ය.

(LNW)