Friday, February 20, 2026
Follow Us
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවා යථා තත්ත්වයට

සිය දෙපාර්තමේන්තුවේ සියලු කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදුකරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් ඊයේ සිදුවුණා.

ඒ අනුව අත්‍යවශ්‍ය නොවන සේවා සඳහා අද දිනයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඊයේ ඉල්ලා සිටියේ.

කෙසේවෙතත් පරිගණක පද්ධතිය යළිත් යථා තත්ත්වයට පත් කිරීම හේතුවෙන් සියලු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

(Aruna)