Friday, February 20, 2026
Follow Us
විරෝධතාකරුවන්ට වෙඩි තියන්න හේතුව පොලීසිය කියයි

රඹුක්කන සිදුවීම ගැන පොලීසිය කියන කතාව


රඹුක්කන දුම්රිය හරස් මාර්ගයට බාධා කරමින් සිටි විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසියට වෙඩි තැබීමට සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ විරෝධතාකරුවන් විසින් ඉන්ධන බවුසරයකට ගිනි තැබීමට උත්සාහ ගත් බවත් එය වැළැක්වීම සඳහා පොලිසිය බලය පාවිච්චි කළ බවයි.

ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් තරුණයෙකු මියගිය අතර, තවත් පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

(Aruna)