Sunday, May 12, 2024
Follow Us
මේ මොහොතේ ඡන්දයකට කෝටි 1,000 ක් අවශ්‍යයි - මැතිවරණ කොමිසම කියයි

පවතින දේශපාලන අර්බුදයට බොහෝ පාර්ශව විවිධ විසඳුම් ඉදිරිපත් කරමින් සිටිනවා. විරෝධතාවයේ නිරත ජනතාව පවසන්නේ සමස්ථ ආණ්ඩුවම ඉවත් විය යුතු බවයි. ජනාධිපතිවරයා ඉවත්විය යුතු බව තවත් පාර්ශවයක් පවසද්දී, අග්‍රාමාත්‍යවරයා ද ඉවත්විය යුතු බවට තවත් පාර්ශවයක් අදහස් පළ කරනවා.

අන්තර්වාර ආණ්ඩුවක් බිහිකර විසඳුම් සෙවීම තවත් පාර්ශවයකගේ යෝජනාවක්. විපක්ෂය දිගින් දිගටම පවසන්නේ ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් හෝ පැවැත්විය යුතු බවටයි.

මේ මොහොතේ ඇති හොඳම විසඳුම මැතිවරණයකට යාමද? නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් විමසීමක් කළා. එහි සභාපති නිමල් පුංචිහේවා පැවසුවේ මැතිවරණයකට යාමට අවශ්‍ය කිසිඳු පසුබිමක් මේවනවිට නිර්මාණය වී නොමැති බවයි. මැතිවරණයක් පැවැත්වීමට රුපියල් කෝටි 1,000 කට අධික මුදලක් වැය වන බව ද සභාපතිවරයා සඳහන් කළා.

මේ මොහොතේ මැතිවරණයකට යාමට කිසිඳු හැකියාවක් නැතිද?

මේ මොහොතේ වඩාත් වැදගත් වන්නේ මැතිවරණයකට යාමට මෙපිටින් ඇති විසඳුමකින් වත්මන් අර්බුදය විසඳා ගැනීම බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

(Neth)