Monday, May 04, 2026
Follow Us
ඩීසල් නැවට ඩොලර් ගෙවයි

සති දෙකකට පසු නිදහස් වූ ඩීසල් නැව


සති දෙකකට ආසන්න කාලයක් මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබු ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් නෞකාවට මුදල් ගෙවා ඇති බව වාර්තා විය.

ඩීසල් තොගය නිදහස් කරගැනීම සඳහා ඩොලර් මිලියන 52ක මුදලක් ගෙවූ බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.

එම නෞකාවේ ඩීසල් තොගය (8) පෙරවරුවේ ගොඩබෑම ආරම්භ කරන බවත් ඉන් පසුව හැකි ඉක්මණින් ඩීසල් පිරවුම්හල් වෙත සැපයීමට කටයුතු කරන බවත් වාර්තා වේ

(Aruna)