Saturday, May 11, 2024
Follow Us
IOC සමාගමෙන් ඩිසල් ලීටර් මිලියනයක් මිලදී ගනියි

විදුලිබල සැපයුමට හා ප්‍රවාහන ක්ෂේත්‍රයට අවශ්‍ය ඩීසල් තොගයක් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඊයේ මිලදී ගත් බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව එලෙස මිලදී ගත් ඩීසල් ලීටර ලක්ෂ 10 ක ප්‍රමාණයක් දුම්රිය 02 ක් මගින් ගෙන්වා ගැනුණු බවයි එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් නෞකා හරහා මෙරටට ගෙන්වා ගැනීමට නියමිත ඉන්ධන තොගවලට අමතරව මෙම ඩීසල් තොගය ගෙන්වා ගැනුණු බව ද ඔහු සඳහන් කළා.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝවල ඉන්ධන පිරවුම්හල් සඳහා අවශ්‍ය ඩීසල් තොග මේවනවිටත් ලබාදී ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළා.

මේ අතර ඉන්දීය ණය ආධාර යටතේ ඉන්ධන රැගත් තවත් නෞකාවක් අද මෙරටට ලගාවිමට නියමිත බවයි ඔහු සඳහන් කළේ. එම නෞකාවෙන් රැගෙන එන ඉන්ධන ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 20000 ක්.

(Neth)