Sunday, February 22, 2026
Follow Us
තෙල් මිල වෙනස් වෙයි?

කැබිනට් ඇමතිගෙන් දැනුම්දීමක්


ඉන්ධන මිලේ යම් වෙනසක් සිදුවිය හැකි බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

“යුක්‍රේනය හා රුසියාව අතර ඇති වී තිබෙන යුද තත්ත්වය හා සමගාමීව ලෝක වෙළෙඳපොළෙත් විශාල වශයෙන් තෙල් මිල ඉහළ යෑමක් තියෙනවා. ඒ තත්ත්වය හරහා යම් පමණකට මෙම ආයතන දෙකම දැනටමත් විශාල පාඩුවක් විඳගෙන තමයි මේ ඉන්ධන ලබාදෙන්නේ කියන කාරණය ඔබ සියලුදෙනා දන්නවා. යම් පමණකට එවැනි වෙනස්වීමක් සිදුවෙන්නත් ඉඩතියෙනවා. ඒ ගැන තීන්දුවක් අරගෙන නැහැ. නමුත් අපි විශ්වාස කරනවා නැවත මුදල් අඩුවීමක් සිදුවුවහොත් ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල අඩු වුවහොත් එහි වාසියත් ජනතාවට ලබාදිය යුතුයි කියන ස්ථාවරයේ අපි දැඩි ලෙස ඉන්නවා”යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

(Aruna)