Sunday, February 22, 2026
Follow Us
ජල බිල්පත් නොගෙවූ මැති ඇමතිවරුන්ගේ නම් කැබිනට් මණ්ඩලයට

ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති මැති ඇමතිවරුන්ගේ නාම ලේඛනය ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.

ඒ අනුව එලෙස ගෙවීම් පැහැර හැර ඇති මුදල් අයකරගත යුතු ආකාරය පිළිබඳ අමාත්‍ය මණ්ඩලයෙන් තීරණයක් ලබාදෙනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එලෙස ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති හිටපු සහ වත්මන් මැති ඇමතිවරුන් 45 දෙනෙකු සිටින බවයි පැවසෙන්නේ.

(Neth)